චෝදනා එල්ල වු ඇතැම් වංචා සහ දූෂණ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවේ
නීත්‍යානුකූල නොවන ප්‍රති-රක්ෂණ කොන්ත්‍රාත්තු ප්‍රදානය අවලංගු කරන ලෙස රක්ෂණ තැරැව්කරුවන් වෙතින් ජනාධිපති දිසානායකට ඉල්ලීමක්
දේශීයව ලියාපදිංචි නොකළ නීති විරෝධී විදේශීය ආයතන වන රක්ෂණ තැරැව්කරුවන් විසින් රට තුළ කිසිදු රක්ෂණ ආශ්‍රිත සේවාවක් ලබා දීම තහනම් කරන ස්ථිර වාරණ නියෝගයක් කොළඹ දිස්ත්‍රික් විනිසුරු සඳුන් විතාන විසින් නිකුත් කර ඇත. මෙම නඩුවේ පැමිණිලිකරු වන උපායමාර්ගික රක්ෂණ තැරැව්කරුවන් (Sib) සිංගප්පූරුවේ JB බෝඩා සහ සමාගම, රක්ෂණ තැරැව්කරුවෙකු ලෙස පෙනී සිටීමට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය. වාරණ නියෝගය පිළිබඳ නඩුව ජනවාරි 17 වන දින කැඳවන ලදී.පැමිණිලිකරු වන Sib වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ චානක ද සිල්වා යුවල, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු සමාගම රක්ෂණ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බවයි. ජාතික රක්ෂණ භාර අරමුදල වැනි රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන විසින් විත්තිකරුට නීති විරෝධී ලෙස ටෙන්ඩර් ප්‍රදානය කර ඇති බවද ඔවුන් විසින් උසාවිය දැනුවත් කරන ලදී.
ඉහත සඳහන් වාරණ නියෝගය සහ, අක්‍රමවත් වංචනික ප්‍රදානය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ආයතනයට එරෙහිව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය හේතුවෙන්, එවකට සිටි අමාත්‍ය මණ්ඩලය එම තීරණය ආපසු හරවා IRCSL ලියාපදිංචි රක්ෂණ තැරැව්කරු Sib වෙත ටෙන්ඩරය ප්‍රදානය කළ අතර, Sib එම අවස්ථාවේ වඩාත් ප්‍රතිචාරාත්මක ලංසුව ඉදිරිපත් කල සමාගම විය.
විත්තිකරු සමාගම සිවිල් අභියාචනා මහාධිකරණයට එම තීරනයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. සිවිල් අභියාචනා මහාධිකරණ තීන්දුව මගින් ඉහත සඳහන් අතුරු නියෝගවලට එරෙහිව JB බෝඩාගේ අභියාචනය නිෂ්ප්‍රභ කළ බැවින්, Sib සමාගම විසින් ලබාගත් තහනම් නියෝගය නැවත ස්ථාපිත කරන ලදී. අභියාචනය සම්බන්ධයෙන් නීතිමය ලෙස ඉදිරියට යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර නුදුන්නේය .
දිස්ත්‍රික් සහ මහාධිකරණ තීන්දු මගින් විදේශීය තැරැව්කාර සමාගම් තැරැව්කරුවන් ලෙස තව දුරටත් කටයුතු කිරීම , එමඟින් දේශීය ලංසු සඳහා සුදුසුකම් ලැබීම හෝ ඔවුනට රාජ්‍ය ටෙන්ඩර් ප්‍රදානය කිරීම, ඵලදායී ලෙස වළක්වා ඇත.
සිංගප්පූරුවේ පදනම් වූ තැරැව්කාර සමාගමක් වන JB බෝඩාට එරෙහිව කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය ද වෙනම තීන්දුවක් ලබා දී ඇත. එම තීන්දුව රක්ෂණ කර්මාන්ත නිරීක්ෂකයින් සන්ධිස්ථානීය තීන්දුවක් ලෙස සලකයි. නීත්‍යානුකූලව තැරැව්කාර සමාගමක් ලෙස නිසි ලෙස ලියාපදිංචි කර නොමැති වුවද, ශ්‍රී ලංකාවේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ඔවුනට අයිතියක් ඇති බව JB බෝඩා සමාගම අධිකරණය ට සැල කර සිටියේය.
එනමුත් සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන්, විදේශීය තැරැව්කරුට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර, එම තීන්දුව මගින් 2018 දී නිකුත් කරන ලද දිස්ත්‍රික් අධිකරණ අතුරු තහනම් නියෝගය තවදුරටත් ඵලදායී ලෙස බලාත්මක කරන අතර, එකී සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කිරීම වළක්වයි. එම නියෝගය සිංගප්පූරුව ආශ්‍රිත එකී සමාගම තැරැව්කරුවෙකු ලෙස කටයුතු කිරීම හෝ මේ රටේ රක්ෂණ කර්මාන්තයේ කිසිදු තැරැව්කාර කටයුත්තක නිරත වීම ඵලදායී ලෙස වළක්වයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ටෙන්ඩර් සඳහා ඕනෑම ලංසුවකට සහභාගී වීමට ඔවුනට ඇති අයිතිය අවහිර කර තිබේ.
වැඩ වර්ජන, කැරලි, සිවිල් කැලඹීම් සහ ත්‍රස්තවාදය (SRCTC) සම්බන්ධයෙන් ප්‍රතිරක්ෂණ ආවරණයක් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) විසින් මෑතකදී ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නැවතත් සැලකිය යුතු කනස්සල්ලක් මතු වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉස්තිර ලෙස ස්ථාපිත රක්ෂණ තැරැව්කාර සමාගමක් වන Strategic Insurance Brokers (Pvt.) Limited (Sib), මෙම ටෙන්ඩර් ප්‍රධානයට එරෙහිව විධිමත් විරෝධතාවක් ඉදිරිපත් කර ඇති අතර, එම තත්වය බරපතල නීතිමය සහ ක්‍රියා පටිපාටි උල්ලංඝනයන් ඉස්මතු කරයි.
මේ සම්භන්ධ Sib අභියාචනයට අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සන්නිවේදනයන්හි, ලංසුව ප්‍රධානය වූ Tysers සමාගමේ සුදුසුකම් සහ ශ්‍රී ලංකා නීතියට අනුකූල වීම වැනි වැදගත් කරුණු පිළිබඳ අවශ්‍ය තොරතුරු අඩංගු නොවන බව පෙන්වා දී ඇත. තීරණ ගන්නා තැනැත්තන්ගෙන් අත්‍යවශ්‍ය තොරතුරු වසන් කිරීම, ඔවුනට වැරදි ලෙස කරුණු නිරූපණය කිරීම ආදී වශයෙන් යම් අක්‍රමිකතා වී ඇති බව ඇඟවීම් මේ තත්වය තුල මතුවී තිබේ. එමඟින් විෂමාචාරයක් පිළිබඳ සැකයන් ඇති වී තිබේ .
ඔවුන්ගේ නිසි අභියාචනයෙන් පසුව, Sib සමාගම ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් NITF ටෙන්ඩරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කර ඇත. එසේ කිරීමෙන්, ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ:
– Tysers (ටයිසර්ස්) රක්ෂණ තැරැව්කරුවන්ට නීති විරෝධී ලෙස ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිළිබඳව නැවත සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන ලෙසටත් …
– නීතියට අවනත වීම සහතික කිරීම සඳහා 2024 දෙසැම්බර් 23 වන දින ගත් තීරණය අවලංගු කිරීම යන්නත් …
– තත්ත්වය පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් වෙන තෙක් Tysers (ටයිසර්) සමඟ ඇති ඕනෑම ගිවිසුම්ගත ගිවිසුමක් නතර කරන ලෙස NITF වෙත උපදෙස් දෙන ලෙසටත් ය.
රක්ෂණය වැනි තීරණාත්මක අංශයක විදේශීය ලියාපදිංචි නොකළ ආයතනයකට ක්‍රියාත්මක වීමට ඉඩ දීම දේශීය සමාගම් සහ දේශීය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම්වලට අකුල් හෙලීමක් බවට Sib සමාගම අවධාරණය කරයි. මහජන විශ්වාසය අවදානමට ලක්ව ඇති බවට ඇති කුතුහලය සමඟ, වගවීම සඳහා වන ඉල්ලීම කර්මාන්තය පුරා ප්‍රතිරාවය වී ඇත.
මෙම කාරණය දිග හැරෙන විට, සියලු දෙනාගේම ඇස් කැබිනට් මණ්ඩලයේ ඊළඟ පියවර කෙරෙහි යොමු වනු ඇති අතර, රජය දේශීය නීතිවලට අනුකූලව ප්‍රමුඛත්වය දෙන්නේද සහ දේශීය රක්ෂණ වෙළඳපොළට සහාය වන්නේද යන්න පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුවී ඇති බව, රක්ෂණ කර්මාන්ත ආරංචි මාර්ග පැවසීය.
ප්‍රතිරක්ෂණ කටයුතු සඳහා තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරන සෑම පුද්ගලයෙකුම අදාළ පනතේ නියමයන් යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සහ පිළිගත් තැරැව්කරුවන්ගේ සංගමයක ලියාපදිංචි විය යුතු බවත්, ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ සමාගමක් ලෙස සංස්ථාගත කළ යුතු බවත් ඉහත කී උසාවි තීන්දු මගින් ඵලදායී ලෙස තහවුරු වී ඇත. ප්‍රතිරක්ෂණ සේවාවන් ආශ්‍රිත තැරැව්කාර සේවා සපයන විදේශීය ආයතනයන්හට ඉහත අවශ්‍යතා සපුරාලීම අවශ්‍ය නොවන බවට JB Boda සමාගම කල ඉදිරිපත් කිරීම්, අධිකරණය විසින් පිළිගෙන නොමැත.